පළපුරුදු හා ප්‍රවීණ කණ්ඩායම් විසින් වෙන වෙනම කළමනාකරණය කරනු ලබන, එකිනෙකට වෙනස් නිෂ්පාදන අංශ තුනක් Paragon විසින් පිරිනමනු ලැබේ.
එක් එක් අංශය ස්වාධීනව ක්‍රියාත්මක වන නමුදු අලෙවිසැල් වෙත අංශ කිහිපයකින් සමායෝජිත නිෂ්පාදන පරාසයක් ද අදාළ පිරිවැය-ප්‍රතිලාභ සැපයීමටත් හැකියාව අප සතුයි.
කාන්තා නිමි ඇඳුම්
Paragon හි විශාලතම අංශය වන අපගේ කාන්තා නිමි ඇඳුම් නිෂ්පාදන පරාසයට සියලුම ආකාරයේ විධිමත් හා සැහැල්ලු ඇඳුම්, නිමි ඇඳුම්, ගවුම්, බ්ලවුස සහ සියකුම වර්ගයේ කලිසම් වර්ග සහ ක්‍රීඩා ඇඳුම් ඇතුළත් වේ.
අපගේ උපාය මාර්ගික නිෂ්පාදන මාර්ග පහම උපයෝගිකර ගනිමින් සම්බන්ධීකරණය කරන ලද කාන්තා නිමි ඇඳුම් පරාසයක් සහ අසීමිත රෙදි පිලි හා නිෂ්පාදන තාක්ෂණ ක්‍රම ගණනක් පිරිනැමීමට අප පොහොසත් වී ඇත.
පිරිමි නිමි ඇඳුම්
දශක ගණනකට පෙර අපගේ ප්‍රථම නිෂ්පාදන වර්ගය වූයේත්, Paragon අපගේ උරුමය වන පිරිමි නිමි ඇඳුම් ය.
අද වන විට, අපගේ පිරිමි නිමි ඇඳුම් අංශය නිල සහ සාමාන්‍ය නිමි ඇඳුම් සේම, සැකසූ ඇඳුම් සහ සාමාන්‍ය කලිසම් වර්ග ඇතුළු නිමි ඇඳුම් පූර්ණ පරාසයකටම හිමිකම් කියයි. ප්‍රධාන නිෂ්පාදන මාර්ග වලට චීනය, බංග්ලාදේශය සහ වියට්නාමය ඇතුළත්ය.
ළමා ඇඳුම්
අපගේ ළමා ඇඳුම් අංශය (ගැහැණු සහ පිරිමි ළමුන් සඳහා) ප්‍රවීණ තාක්ෂණික සේවා මඩුල්ලක් විසින් කළමනාකරණය කෙරෙන්නේ ළමා ඇඳුම් හා සම්බන්ධයෙන් පවතින ආරක්ෂක රෙගුලාසි සහ තත්වයන්ට ඔබින පරිදි නිර්මාණයකර බෙදාහැරෙන බවට තහවුරුකර ගැනීමටයි.
මෙම නිෂ්පාදන පරාසයට ගවුම්, බ්ලවුස සහ සියලුම ආකරයේ කලිසම් වර්ග ඇතුළත් වේ. අපට uber-cool mini-me පෙනුමක් සඳහා අපගේ කාන්තා ඇඳුම් පරාසය සම්බන්ධීකරණය කිරීමටද අපට හැකියාව තිබේ! ප්‍රධාන නිෂ්පාදන මාර්ග වන්නේ චීනය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවයි.