ගෝලීය ව්‍යාපාරයක් ලෙස අප හෙට ඉදිවන ලෝකය ගොඩනැගීමෙහි ලා යම් භූමිකාවක් ඉටුකළ යුතු වේ. 


සමාජයීය වශයෙන් වගකීමක් සහිත, මිනිසුන්ට එහි වැඩ කිරීම ආඩම්බරයක් ගෙනදෙන ආකාරයේ සමාගමක් වීම උදෙසා අප සතු දැක්මෙන් අදහස් වන්නේ, අපගේ සමාගමටත්, එහි දිගුකාලින අරමුණුවලටත් අපගේ තිරසාර ප්‍රවේශය අතිශයින්ම වැදගත් වන බවයි.

2020 වසරටත් ඉන් ඔබ්බටත් පවතින පාරිසරික බලපෑම් හඳුනාගෙන ඒවා මගහරවා ගැනීමට සහය වීමට සීමා සහිත Paragon Clothing සමාගම හා අත්වැල් බැඳ ගැනීමට අපට ඉමහත් සතුටට කරුණකි

ජේම්ස් පොයින්ටර් - අධ්‍යක්ෂක CN BRITAIN

කාබන් විමෝචන

පිළිගත් සහ විගණනයට ලක්වන බාහිර පාර්ශවයක් හා අත්වැල් බැඳ ගනිමින් අපි අපගේ කාබන් වායු විමෝචන වාර්තාව පිලියෙලකර ඇති අතර ඉන් අපගේ සමාගමේ ක්‍රියාකාරකම් නිසා සෘජුව හා වක්‍රව නිපදවෙන මුළු හරිතාගාර GSG (GHG) වායු මට්ටම මැන බැලීම සිදුකෙරේ. අපට අදාළ වන 1, 2 සහ 3 මට්ටමේ වායු විමෝචන වර්ග නිගමනය කිරීමෙන් පසුව, මෙම තත්වය මගහරවා ගැනීමේ අදිටනින්, අප අපගේ කාබන් පියසටහන ඊට තුල්‍ය කාබන් ඩයොක්සයිඩ් ටොන් (tCO²e) වලින් හඳුනාගෙන ඇත්තෙමු.

මෙම වායු විමෝචන උදාසීන කිරීමට අප ගන්නා අඛණ්ඩ ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන් දැනට කාබන් විමෝචන උදාසීන කරන ලද ව්‍යාපාරයක් වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති අප සමාගම, හෙට ලෝකය සහ අපගේ අනාගත පරම්පාරාව වෙත සත්‍ය වශයෙන්ම ධනාත්මක දායකත්වයක් ලබාදෙන ලන්ඩනයේ පිහිටි රෙදිපිළි සැපයුම්කරුවන් අතලොස්සට ඇතුළත් වී ඇත්තෙමු.

 
 
 
 
 
 

තිරසාර ලෙස අමුද්‍රව්‍ය සපයා ගැනීම

රෙදි පිලි නිපදවන කෙඳි සහ නූල් ආශ්‍රිතව සිදුකර ඇති අතිශය උසස් තාක්ෂණික ක්‍රමවේද සමඟ, Paragon සමාගම විසින් අපගේ මුල්‍යමය ශක්යතාවයේ මට්ටමට අපගේ පාරිභෝගිකයන් සියල්ලන්ම වෙනුවෙන් තිරසාර ලෙස නිෂ්පාදනය කරන ලද රෙදිපිළි භාවිතා කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙයි. අපගේ මුළු නිෂ්පාදන පරාසයම සඳහා, දැනට පවතින නවතම රෙදිවර්ග සපයා ගැනීමට අමුද්‍රව්‍ය නිෂ්පාදකයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වීමට අපගේ කලාප මධ්‍යස්ථාන හරහා අප සක්‍රියව යොමු වී ඇත්තේ අප විසින් තිරසාර ලෙස නිපදවන රෙදිපිළි පරාසය ඉහළ නංවා ගැනීමටයි.

මෙහි අතිශයින්ම වැදගත් කාර්යභාරයක් ඉටුකරන්නේ Paragon සමාගමේ OnePlanet නම් තිරසාර රෙදිපිළි සැපයුම් දෙපාර්තමේන්තුවයි.

 
 
 

ආචාර ධර්ම සහිත නිෂ්පාදන

අපගේ නිෂ්පාදන ක්‍රමවේදයේ ප්‍රධානතම තැනක් ගනු ලබන්නේ සේවක සුභසාධනයයි - අපගේ සියලුම නිෂ්පාදන අන්තර්ජාතික වශයෙන් පිළිගත් සමාජයීය සහ ආචාර ධර්මවලින් හෙබි මාර්ගෝපදේශ හා සම්මතයන් යටතේ සැපයුම් කෙරෙන අතරම, අපගේ රෙදිපිළි නිෂ්පාදනය කරන වැඩබිම් සියල්ලම ආචාර ධර්ම වලට අනුකූලව සහ වගකීමකින් යුතුව මෙහෙයවනු ලබන බව අපි සහතිකකර ගනිමු. අපගේ සැපයුම් දාමයේ කොඳු නාරටිය වන විගණන ආයතනවලට Sedex, Intertek, BetterWork, WRAP, Accord සහ LWG ආදිය ඇතුළත් වේ.